ඔබව රැකියාවේ ඉහළටම ගෙනියන Advanced Excel සජීවී සහතිකපත්‍ර පාඨමාලාව

(සිංහල මාධ්‍ය)

Watch Introduction Now


placeholder text

What will you learn:


පළමු සැසිය

Excel Foundations & Problem Solving: Excel සඳහා මූලික පදනම


Problem Solving: Excel එක්ක වැඩ කිරීමේදී ඇතිවන ඕනෑම Error එකකට හේතුව හඳුනාගෙන, ඒ ඕනෑම Error එකක් Smart විදිහට නිවැරදි කරගැනීමේ ප්‍රායෝගික අවබෝධය

Data Cleaning: කවුරුත් කියලා නොදෙන, දත්ත දහස් ගණනක් තත්පරයකින් පිළියෙළ කරන ප්‍රායෝගික උපක්‍රම 

Modern Lookup: සාම්ප්‍රදායික VLOOKUPවල සීමාවන්ගෙන් මිදී, LOOKUP කාර්යක්ෂමතාවය 10 ගුණයකින් වැඩි කරගන්නා ආකාරය. XLOOKUP දැනුම සහ ඕනෑම Task එකකට ගැළපෙනම Lookup Function එක නිවැරදිව තෝරාගැනීමේ අවබෝධය 

Magic of Recovery: වැරදීමකින් මැකී ගිය හෝ වෙනස් වූ දත්ත, මාස ගණනාවකට පෙර තිබූ නිවැරදි File Version නැවත ලබාගත හැකි රහස් ක්‍රමවේද.  
 

දෙවන සැසිය

Logical Thinking: නිවැරදි තීරණ ගැනීම


IF & Nested Logic: මනස තුළ සිදුවන සංකීර්ණ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉතාම සරල Excel Formula එකක් බවට පත් කරන SMART ක්‍රමය.  

Smart Decisions: දත්තවල ස්වභාවය අනුව SWITCH හෝ IF යන Function අතරින් වඩාත් ගැලපෙනම Function එක තෝරාගැනීමේ හැකියාව.  

Combined IF: IF/IFS සිට SUMIFS/MAXIFS දක්වා Conditional Functions, රැකියා ස්ථානයේදී හමුවන Job Tasks ඇසුරින් අවබෝධ කර ගැනීම. 


තෙවන සැසිය

Master Data Analysis & Story Telling: දත්ත විශ්ලේෂණය හා ඉදිරිපත්කිරීම


Advanced Pivot Tables: හුදෙක් Pivot Table එකක් සාදනවා වෙනුවට, Modern, Professional වෘත්තීය මට්ටමින් සකස් කරන ආකාරය සහ Reportsවල ප්‍රතිඵල ඉතා පැහැදිලිව Visualize කරන Smart ක්‍රමවේද

Pivot Techniques: Data Relationships සහ Custom Calculations භාවිතයෙන් වඩාත් නිවැරදි සහ පැහැදිලි වාර්තා සැකසීම.  

Array Formulas: SUMPRODUCT, FILTER, SORT සහ UNIQUE වැනි Formula භාවිතයෙන් වැඩ කිරීමේ වේගය 10 ගුණයකින් වැඩි කරගන්නා ආකාරය.  


සිව්වන සැසිය

Automation & AI: පැය ගණනක වැඩ තත්පරයකින් කරමු


Task Analyzer: ඔබ දැනට කරන වැඩ අතරින් Automate කළ හැකි Tasks හඳුනාගෙන, ඒ සඳහා ගැලපෙනම Automation ක්‍රමවේදය තෝරාගැනීමේ Expert දැනුම.  

Ultimate Automation: පැය ගණනාවක් මහන්සි වී කරන වැඩ තත්පර කිහිපයකින් අවසන් කළ හැකි Pro-Level ක්‍රමවේද.  

No-Coding VBA: Programming දැනුමක් නොමැතිව Macros සහ VBA භාවිතයෙන් ඔබේ වැඩ Automate කරන ආකාරය.  

AI for Excel: ChatGPT, Gemini සහ Claude වැනි AI මෙවලම් නිවැරදිව හසුරුවමින් Excel වැඩ පහසු කරගන්නා Secret Magic Tricks.  


පස් වන සැසිය

Career Mastery: Excel වලින් සල්ලි හොයමු


Excel දැනුම සඳහා ලෝකය තුළ ඇති ඉහළ මූල්‍යමය ඉල්ලුම සහ ඇති අවස්ථා පෙන්වා දීම.  

Upwork, Fiverr සහ Etsy වැනි Platform හරහා Excel සේවාවන් සපයමින් ඩොලර් දහස් ගණනින් උපයන ආකාරය

Microsoft ආයතනය පිරිනමන Expert සහ Associate සහතික ලබා ගැනීම සඳහා ඔබව සූදානම් කිරීම.  

ඔබේ දක්ෂතාවය පරීක්ෂා කරගැනීමට සහ Expert කෙනෙකුගේ Feedback ලබා ගැනීමට ඇති වටිනා අවස්ථාව.


Why This Course


ව්‍යාපාරික ලෝකයේ දත්ත විශ්ලේෂණය පිළිබඳව ප්‍රවීණයෙක් වන , TikTok හරහා වෘත්තිකයන් 72,000කට අධික පිරිසකගේ විශ්වාසය දිනාගත් සහ වෘත්තිකයන් 1,000කට අධික පිරිසකට Excel කුසලතාවයෙන් සිය වෘත්තීය ජීවිතය ජයගැනීමට මඟපෙන්වූ පුහුණුකරුවෙක් විසින් මෙහෙයවන පාඨමාලාවක් වීම. 


වැඩසටහනෙන් ඔබ ඉගෙනගන්නා සෑම දෙයක්ම ඔබගේ රැකියාවට සෘජුවම සම්බන්ධවෙන නිසා පැය ගණනාවක් වැයවෙන ඕනෑම සංකීර්ණ Excel Task එකක් තනිවම Automate කිරීමේ දැනුම ලබාගැනීමට හැකිවීම.


වසර දහයක අත්දැකීම් සහිත Top Rated Excel Freelancer කෙනෙකුගෙන්, ඔබේ Excel Skill එක නිවැරදිව Monetize කර ඩොලර් දහස් ගණන් උපයන ආකාරය ඉගෙන ගැනීමට ලැබෙන එකම අවස්ථාව මෙය වීම.


ආයතනය තුළ කැපී පෙනෙන වෘත්තිකයෙකු වීමේ හැකියාව.


Online සජීවි පාඨමාලාවක් නිසා උගන්වන කරුණු පිළිබඳව ඔබට ඇති ගැටලු එම අවස්ථාවේදීම පුහුණුකරුගෙන් විමසිය හැකි වීම.


පාඨමාලාව අවසානයේ Physical Meetup එකක් පැවැත්වෙන අතර පුහුණුකරු හමුවී ඔබට ඇති ගැටලු පිළිබඳ එහිදී ද විමසීමට අවස්ථාව හිමි වීම.


පාඨමාලාව අවසානයේ පැවැත්වෙන ප්‍රායෝගික පරීක්ෂණයට පෙනීසිටීමට කැමති සිසුන්හට ඊට අවස්ථාව හිමි වීම.


පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම. 


පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.


පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program Meetups

How to Scale Your Business







Becoming a Service Sales Champion