What will you learn:
පළමු සැසිය - SMART WORKING
Basic Excel User → Smart Excel User
දීර්ඝ කාලයක් ගතවෙන කාර්‍යන් ඉක්මනින් සහ නිවැරදිව කරන ආකාරය ඉගෙනගැනීම
• VLOOKUP, XLOOKUP, INDEX + MATCH සහ Advanced Lookup Techniques දක්වා ඉගෙනගෙන, අවශ්‍ය data තත්පර කිහිපයකින් Retrieve කිරීම.
• නිවැරදිව Master Sheet, Summary Reports ඉක්මනින් පිළියෙළ කිරීම.
• Excel Sheet එකක පෙන්වන ඕනෑම Error එකක් ඉක්මනින් විසඳීම.
දෙවන සැසිය - LOGICAL THINKING
Formula User → Logical Problem Solver
ඔබේ රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරයේ ප්‍රශ්ණ Excel Logic එකකට පරිවර්තනය කර විසඳුම් ලබාගැනීම.
• විශාල Conditions ප්‍රමාණයක් යටතේ වුවත් IF, IFS, AND, OR ආදී Logical Functions භාවිතකර පහසුවෙන් ගැටළු විසඳන ආකාරය.
• SUMIF, SUMIFS, COUNTIF, COUNTIFS ආදී condition-based calculations නිවැරදිව භාවිතා කිරීම
• Formulas මතක තියාගන්නවා වෙනුවට, Excel Functions වැඩ කරන logic එක තේරුම්ගෙන තමන්ගේ practical task එකට අදාලව Formulas ගොඩනැඟීම
තෙවන සැසිය - DATA PREPARATION
Manual Data Preparer → Smart Data Preparer
ඔබ දිනපතා කරන දත්ත සකස් කිරීම්, ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් බවට පත්කරගන්නා ආකාරය
• Power Query, Merge Queries සහ Append Queries නිවැරදිව භාවිත කරමින් විවිධ දත්ත එක්රැස් කර Cleaned Master Data Set එකක් සකස් කරන ආකාරය
• එක් වරක් පමණක් ක්‍රියාවලිය (Process) සැකසීමෙන් පසු, ඉදිරියේදී එක Refresh එකකින් දත්ත ස්වයංක්‍රීයව සකස් වන (Automated Data Preparation Workflow) පද්ධතියක් නිර්මාණය කිරීම.
සිව්වන සැසිය - DATA ANALYSIS
Data User → Expert Data Analyst
ආයතනයේ දත්ත නිවැරදිව විශ්ලේෂණය කරමින් Reports බවට පත්කිරීම හරහා නිවැරදි ව්‍යාපාරික තීරණ (Insights) කරා එළඹීමට පුහුණු කිරීම
• Pivot Table භාවිතයෙන් Data දහස් ගණනක් වුණත් මිනිත්තු කිහිපයකින් Summarize කර Reports සෑදීම
• Daily/Monthly Reports හැමදාම මුල ඉඳන් හදන්නේ නැතුව, අලුත් Data ලැබුණු සැනින් Auto-Refresh වෙන Structure එකක් නිර්මාණය.
• කිසිම මුලික දැනුමක් නැතත්, සරලම තැන සිට Top Performers, Trends සහ Variances බලන Advanced Analysis දක්වාම ප්‍රගුණ කිරීම.
පස් වන සැසිය - DATA VISUALIZATION & COMMUNICATION
Report Creator → Data Visualizer & Business Communicator
දත්ත මගින් ගන්නා තීරණ, Dashboards එකක් සකස් කිරීම තුළින් කළමනාකාරීත්වයට සුදුසු Presentations බවට පත්කිරීම.
• සාමාන්‍ය Excel Chart එකක් Customize කර, Company branding Guidelines වලට අනුකුලව, තොරතුරු සන්නිවේදනය පහසුවෙන ආකාරයෙන් 1-Click Templates හදන හැටි.
• Folder එකට අලුත් File එකක් ලැබුණ සැනින්, Reports සහ Dashboards ස්වයංක්‍රීයව Update වෙන අකාරයට Power Query සමග Interactive Dashboard එකක් Setup කරන ආකාරය.
හයවන සැසිය -WORKFLOW AUTOMATION
Basic Excel User → Workplace Efficiency Enabler
දිනපතා නැවත නැවත සිදුකිරීමට සිදුවන එදිනෙදා කාර්යයන්, Macros & VBA තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීය විසඳුම් (Automated Solutions) බවට පරිවර්තනය කිරීම.
• පැය ගණන් යන එදිනෙදා Excel වැඩ, Macros හරහා එක Click එකෙන් අවසන් වෙන විදිහට Automate කිරීම.
• කිසිම Programming දැනුමක් නැතුව, මුල සිටම VBA භාවිතයෙන් වැඩ ලේසි කරගන්නා ආකාරය.
• නුදුරේදීම සෑම ආයතනයකටම අත්‍යවශ්‍ය වන Copilot AI Agent සමඟ එදිනෙදා Excel Tasks ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව කරගන්නා ආකාරය.
• Copilot භාවිතයෙන් දත්ත විශ්ලේෂණය, Charts නිර්මාණය සහ Excel Tasks Automate කිරීම මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගන්න.
හත්වන සැසිය - Physical Meetup
• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos