Introduction


placeholder text

What will you learn:


01වන සැසිය

Introduction & Foundation

• IELTS විභාගයේ ඇති ප්‍රධාන කොටස් 4 (Modules) සහ ප්‍රශ්න පත්‍රවල ව්‍යුහය (Paper Structures) පිළිබඳව මුල සිට සරලව අවබෝධ කර ගැනීම.
• විභාගයට සූදානම් වීමේදී කියවීම සහ සවන්දීම (Pre-Reading & Pre-Listening) වඩාත් ඵලදායී ලෙස පුහුණු වන මූලික උපක්‍රම.
• පරිගණක ආශ්‍රිත විභාගය (Computer-delivered IELTS) ඉලක්ක කරන අය සඳහා Type කිරීමේ වේගය සහ නිවැරදිතාවය (Typing Speed & Accuracy) ඉතා කෙටි කලකින් වැඩි කරගන්නා ප්‍රායෝගික පුහුණුව.


02වන සහ 03වන සැසි

Speaking Mastery 

• Speaking පරීක්ෂණයේදී අසනු ලබන විවිධ ප්‍රශ්න රටාවන් (Question Types) කලින්ම හඳුනාගෙන ඒවාට බිය නැතිව මුහුණ දීමේ හැකියාව.
• පරීක්ෂකවරුන් ඔබගේ කථන හැකියාව ඇගයීමට ලක් කරන ලකුණු දීමේ ක්‍රමවේදය (Marking Scheme) පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම.
• ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී ඇතිවන චකිතය නැති කර, ආකර්ෂණීය ලෙස පිළිතුරු දිය හැකි විශේෂ තාක්ෂණික ක්‍රමවේද (Speaking Techniques) ඉගෙනීම.


04වන සහ 05වන සැසි

Essay Writing & Formats

• විභාගයේදී ලැබිය හැකි විවිධ රචනා මාතෘකා වර්ග (Opinion, Discussion, Advantage/Disadvantage) නිවැරදිව වෙන්කර හඳුනාගැනීම.
• ලකුණු කැපෙන්නේ නැතිව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පිළිතුරක් ගොඩනඟන නිවැරදි රචනා ආකෘතිය (IELTS Essay Format) ප්‍රගුණ කිරීම.

ආදර්ශ රචනා ඇසුරින් උදාහරණ සහිතව ප්‍රායෝගිකව ලිවීම පුහුණු වීම.

• Writing පරීක්ෂණයේදී ලකුණු දෙන ආකාරය (Marking Scheme) සහ Band 7+ රචනාවක තිබිය යුතු ගුණාංග තේරුම් ගැනීම.


06වන සැසිය

Academic Writing & General Writing Tasks

• අධ්‍යාපනික (Academic) අංශයෙන් විභාගය ලියන අය සඳහා ප්‍රස්තාර, සිතියම් හෝ දත්ත වගු (Bar, Line, Process maps) විශ්ලේෂණය කර වාර්තා ලියන ක්‍රමවේදය සහ එහි ලකුණු දීමේ රටාව.
• සාමාන්‍ය (General Training) අංශයෙන් විභාගය ලියන අය සඳහා වෘත්තීය මට්ටමේ රාජකාරී සහ පෞද්ගලික ලිපි (Formal & Informal Letters) නිවැරදිව ලියන ආකාරය සහ එහි ලකුණු දීමේ රටාව.


07වන සහ 08වන සැසි

Advanced Listening

• Listening පරීක්ෂණයේ වඩාත් සංකීර්ණ කොටස්වලට සාර්ථකව මුහුණ දීම සඳහා වන උසස් පුහුණුවීම්.
• පිළිතුරු පටලවා ගැනීමට විභාගයේදී යොදන උපක්‍රම (Distractors) මඟහැර, නිවැරදිම පිළිතුර තෝරාගැනීමේ ප්‍රායෝගික අවබෝධය.


09වන, 10වන සහ 11වන සැසි

Reading Practice & Time Management

• Readingවලදී ලකුණු ලැබෙන සියුම් තැන් සහ එහි ඇති විවිධ ප්‍රශ්න රටාවන් (True/False/Not Given, Matching Headings) කලින්ම හඳුනාගැනීම.
• සම්පූර්ණ ඡේදයම කියවන්නේ නැතිව, කාලය ඉතිරි කරගනිමින් නිවැරදි පිළිතුරු සොයාගත හැකි උපක්‍රම ප්‍රගුණ කිරීම.
• විභාගයේදී හමුවන සරල මට්ටමේ සිට වඩාත් සංකීර්ණ සහ දීර්ඝ අධ්‍යයන ශාස්ත්‍රීය ලිපි (Passages) දක්වා වූ ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලිවීම ප්‍රායෝගිකව පුහුණු වීම.
• මිනිත්තු 60ක කාලය ඇතුළත කිසිදු ප්‍රශ්නයක් මඟහැරෙන්නේ නැතිව, සියලුම ඡේද කියවා උත්තර ලියා අවසන් කිරීමේ සුවිශේෂී කාල කළමනාකරණ උපක්‍රම ඉගෙනීම.


12වන සැසිය

විභාගයට සූදානම්වීමේදී ඇතිවෙන ප්‍රායෝගික ගැටළුවලට පිළිතුරු

• විභාගයට පෙර අවසාන සති 2 ඇතුළත ලකුණු උපරිම කරගැනීම සඳහා ක්‍රමවත් සැලසුමක් (Study Plan) සකස් කරගන්නා ආකාරය.
• විභාගය නිවැරදිව වෙන්කරවා ගන්නා පියවර (Booking Procedure) සහ විභාග මධ්‍යස්ථානවලදී ඇතිවිය හැකි ප්‍රායෝගික ගැටලුවලට කලින්ම සූදානම් වන හැටි.
• විභාගයෙන් පසු එක මොඩියුලයක් පමණක් නැවත ලිවීමේ අවස්ථාව (One Skill Retake) සහ ප්‍රතිඵල නැවත සමීක්ෂණය (EOR) පිළිබඳ සියලු විස්තර දැනගැනීම.
• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos


Why This Course:

• London Teacher Training College මඟින් පුහුණුව ලැබූ , වසර 6ක අත්දැකීම් සහිත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු විසින් විසින් මෙහෙයවන පාඨමාලාවක් වීම.
• සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව, විභාගයේදී ලකුණු වැඩි කරගත හැකි විශේෂ ක්‍රමවේද සහ සුවිශේෂී Speaking & Listening Techniques පුහුණු කිරීම.
• විභාගයේදී කාලය ඉතිරි කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වන, Type කිරීමේ වේගය සහ නිරවද්‍යතාවය මුල සිටම වැඩි දියුණු කර දෙන විශේෂ ප්‍රායෝගික අභ්‍යාස ඇතුළත් වීම.
• විභාගයේදී පරීක්ෂකවරුන් ලකුණු දෙන ආකාරය (Marking Schemes & Band Descriptors) ශිෂ්‍යයාට පැහැදිලිවම වටහා දෙන නිසා, තමන්ගේ වැරදි තමන්ටම හඳුනාගෙන ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමට හැකිවීම.
• විභාගය ලියන අවස්ථාවේදී මුහුණ දීමට සිදුවන ගැටළු සහ ඒවාට බුද්ධිමත්ව මුහුණ දෙන ආකාරය කලින්ම දැනුවත්කිරීම.
• විභාගයට තිබෙන අවසාන දින 14 තුළ ඔබේ ලකුණු මට්ටම උපරිම කරගන්නා ආකාරය පියවරෙන් පියවර පෙන්වා දෙන නිවැරදි සැලැස්මක් (2-Week Study Plan) ලබාදීම.
• පාඨමාලාව අවසානයේ Physical Meetup එකක් පැවැත්වෙන අතර පුහුණුකරු හමුවී ඔබට ඇති ගැටලු පිළිබඳ එහිදී ද විමසීමට අවස්ථාව හිමි වීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලාව අවසානයේ පැවැත්වෙන පරීක්ෂණයට පෙනීසිටීමට කැමති සිසුන්හට ඊට අවස්ථාව හිමි වීම.
පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.






Previous Certificate Program


How to Scale Your Business







Advanced Stock Market Investing