What will you learn:
පළමු Online සැසිය
AI සහ SEO මගින් ඔබේ ව්‍යාපාරයට නොනවත්වා පාරිභෝගිකයන් ගෙනෙන ආකාරය
• සල්ලි දීලා දාන Ads වෙනුවට organic SEO සහ AI භාවිතයෙන් 24/7 පාරිභෝගිකයින් ඔබ වෙත ගෙනෙන හැටි.
• නොමිලේ දෙන Tools හරහා වෙබ් අඩවියේ ඇති තාක්ෂණික දෝෂ (slow pages, broken links) හඳුනාගෙන Red Flag List එකක් හදාගන්නා හැටි.
• ඔබේ වෙබ් අඩවිය ChatGPT හෝ Gemini වැනි AI සෙවුම් යන්ත්‍රවලට පෙනෙනවාදැයි පරීක්ෂා කිරීම.
• "Near me" සෙවුම් හරහා ළඟපාත සිටින පාරිභෝගිකයින් කෙළින්ම ඔබ ආයතනය වෙත ගෙන්නා ගන්නා හැටි.
• පාරිභෝගිකයින් Google එකේ Search කරන වචන (Keywords) සහ AI එකෙන් අසන ප්‍රශ්න (Prompts) සොයාගන්නා හැටි.
දෙවන Online සැසිය
ඔබේ වෙබ් අඩවියේ දැනට පවතින අඩුපාඩු නිවැරදිව හඳුනාගෙන විකුණුම් වැඩිකරගන්නා හැටි
• Speed එක සහ Mobile භාවිතය පහසු කර පැමිණෙන පාරිභෝගිකයින් වෙනත් වෙබ් අඩවි වෙත යාම (Bounce වීම) වැළැක්වීම.
• Google එකේ උඩටම එන්න Meta Titles, Descriptions, Headings සහ Images වෙනස් කරන හැටි.
• ChatGPT සහ Gemini වැනි AI වල කෙළින්ම පිළිතුරු ලෙස පෙන්වීමට වාක්‍ය 1-2 ක සරල "Answer-First" FAQs සදා වෙබ් අඩවියට එකතු කිරීම.
• Agencies වලට නොදී Gemini වැනි AI Tools හරහා High-Converting Meta Details, Product Descriptions සහ Content විනාඩි ගණනකින් සාදාගන්නා හැටි.
• AI එකෙන් සාදාගන්නා Content කෙළින්ම වෙබ් අඩවියට ඇතුළත් කර Update කරන හැටි.
තෙවන Online සැසිය
Google සහ AI මඟින් ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Recommendations ලබාගැනීම
• වෙනත් වෙබ් අඩවි මගින් ඔබේ ව්‍යාපාරයට ලැබෙන Backlinks සහ Mentions නිසා Google එකෙන් ඔයාගේ ව්‍යාපාරය Recomend කරන්නේ කොහොමද?
• පාරිභෝගිකයින් ඔබේ වෙබ් අඩවියට ගෙනෙන ආකාරයට ගුණාත්මක Backlinks සාදාගන්නා ක්‍රම.
• ChatGPT, Gemini වැනි AI Models පිළිතුරු දීමට පෙර Reviews භාවිත කරන බැවින්, එම ස්ථානවල ඔබේ Brand එක ගැන සඳහන් කරමින් AI Visibility ලබාගන්නා හැටි.
• නොමිලේ දෙන Tools භාවිතයෙන් ඔබේ වෙබ් අඩවියේ සහ තරඟකරුවන්ගේ Backlinks පරීක්ෂා කර සංසන්දනය කරන හැටි.
සිව්වන Online සැසිය
AI සහ SEO ප්‍රතිඵල මැන බලමින් ව්‍යාපාරය වර්ධනය වන්නේදැයි මැන බැලීම
• Google Search Console හරහා Clicks/Rankings සහ Google Analytics 4 හරහා වෙබ් අඩවියට එන පාරිභෝගිකයන්ගේ හැසිරීම මැන බලන හැටි.
• ChatGPT, Perplexity වැනි AI Platform වලින් ඔබේ වෙබ් අඩවියට පැමිණෙන පාරිභෝගිකයන් වෙන්කර හඳුනාගන්නා හැටි.
• මිනිසුන් AI එකෙන් නිෂ්පාදන හෝ සේවාවන් ගැන අසන විට ඔබේ Brand එක නිර්දේශ වනවාදැයි බලාගන්නා ආකාරය.
• තාක්ෂණික වචන (Jargon) නැතුව, ව්‍යාපාර හිමිකරුවන්ට/CEO ලාට තේරෙන සරල වාර්තාවක් නිර්මාණය කරන හැටි.
• පටන් ගත් වෙබ් අඩවියේ "Before vs. After" ප්‍රගතිය සංසන්දනය කිරීම සහ සතියකට විනාඩි 30කින් කරගත හැකි Weekly Maintenance Checklist එක ලබාගැනීම.
පස්වන සැසිය - Physical Meetup
• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos