Sales වැඩිවෙන විදිහට Meta Ads Run කරන හැටි හරියටම ඉගෙනගමු
What will you learn:
පළමු Online සැසිය
• Meta AI සිස්ටම් එක (Meta Ads Algorithm) මඟින් දැන්වීම් පාරිභෝගිකයන් වෙත ගෙනියන ආකාරය හඳුනා ගැනීම.
• පරණ Targeting ක්‍රම වෙනුවට අලුත්ම Meta Ads Algorithm එකට ගැලපෙන ආකාරයට Ad Account Structure එක සකස් කිරීම.
• එක Ad Account එකක් ඇතුළේ Campaigns නිවැරදිව පවත්වාගෙන යන ආකාරය ප්‍රායෝගිකව ඉගෙන ගැනීම.
දෙවන Online සැසිය
• Pixel, Conversions API, GA4 සහ CRM හරහා වෙබ් අඩවියේ සහ ව්‍යාපාරයේ දත්ත නිවැරදිව සම්බන්ධ කිරීම.
• දත්ත සහ මිනුම් (Attribution Windows) තේරුම් ගනිමින් සැබෑ Sales වාර්තා පරීක්ෂා කිරීම.
• Ad Account එකේ තීරණ ගැනීමට අවශ්‍ය දත්ත එකතු කර ගැනීම සහ නිවැරදි සටහන් (Custom Metrics) සකස් කිරීම.
තෙවන Online සැසිය
• හිතුමතේ Ads Run නොකර, ව්‍යාපාරයට ඇත්තටම ලාභ ලැබෙන Profit Model එකක් හදාගැනීම.
• e-Commerce සහ Lead Generation ව්‍යාපාර සඳහා පාරිභෝගිකයෙකු ලබා ගැනීමට යන වියදම (CPA/CPL) සහ ලාභය ගණනය කරන ආකාරය ඉගෙන ගැනීම.
• පාරිභෝගිකයන් දුටු සැනින් මිලදී ගන්නා ආකාරයේ ප්‍රබල යෝජනාවක් (Offer Design) සකස් කිරීම.
සිව්වන Online සැසිය
• පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ ප්‍රශ්න ගැන නිවැරදිව පර්යේෂණ (Research) කිරීම.
• එකිනෙකට වෙනස් පාරිභෝගික මානසිකත්වයන්ට ගැලපෙන Ads Angles සහ Personas නිර්මාණය කිරීම.
• Designer හෝ Video Editor කෙනෙකුට කෙළින්ම වැඩේ කිරීමට හැකි Creative Brief එකක් පිළියෙල කිරීම.
පස්වන Online සැසිය
• දැන්වීමක් වගේ නොපෙනෙන, පාරිභෝගික අවධානය දිනාගන්නා Native Video Ads හදන හැටි.
• ස්මාර්ට්ෆෝන් එක භාවිතයෙන් නිවසේදීම වීඩියෝ Shoot කරගැනීම සහ ලෙහෙසියෙන් Edit කිරීම.
• AI මෙවලම් භාවිත කරමින් එකම වීඩියෝවෙන් Ads වර්ග කිහිපයක් ඉක්මනින් නිර්මාණය කිරීම.
හයවන Online සැසිය
• සල්ලි නාස්ති නොවන විදිහට Ads නිවැරදිව Test කරන ක්‍රමවේදය.
• Hook Rate, Hold Rate,CTR සහ ROAS වැනි ප්‍රධාන දර්ශක බලමින් දිනන Ads වෙන්කර ගැනීම.
• සාර්ථක Ads තවත් දියුණු කරමින් (Iterations) ප්‍රතිඵල වැඩි කරගන්නා ආකාරය.
හත්වන Online සැසිය
• ලාභය ආරක්ෂා කරගනිමින් Ad Budget එක වැඩි කරන (Scaling) නිවැරදි නීති පද්ධතිය.
• Cost Cap, Bidding Strategies සහ Automated Rules භාවිතයෙන් එක Ad එකකින් උපරිම Results ගැනීම.
• Ads වල ප්‍රතිඵල අඩු වන විට ඒවාට හේතු සොයාගෙන විසඳුම් දීමේ ක්‍රමවේදය.
අටවන Online සැසිය
• Ad Accounts Ban වීම් වලින් බේරී වැඩ කිරීමට අවශ්‍ය Policy & Compliance දැනුම.
• Ad Account එකේ ආරක්ෂාව (Account Security) සහ සියලු මෙහෙයුම් නිසි ලෙස පාලනය කිරීම.
• Management එකට හෝ Clientsලාට ඉදිරිපත් කළ හැකි Professional Reports සකස් කිරීම සහ අවසාන Capstone Project එක ඉදිරිපත් කිරීම.
නවවන Online සැසිය - Physical Meetup
• Q & A
• Networking
• Handover the Certificates
• Taking Photos with the Trainer
• Taking Group Photos
Why This Course
• පරණ Targeting ක්‍රම වෙනුවට Meta හි නවතම AI සහ Advantage+ තාක්ෂණයට අනුව Ads ක්‍රියාත්මක කරන නිවැරදි ආකාරය ඉගෙන ගැනීමට ලැබීම.
• හිතුමතේ Ads Run නොකර, ඇත්තටම ලාභ ලබන Unit Economics සහ High-Converting Offers හදන හැටි මුල සිටම දැනගැනීම.
• ලොකු Production Cost එකක් නැතුව Phone එකෙන්ම Shoot සහ Edit කරමින් Native Ads හදාගැනීමේ ප්‍රායෝගික හැකියාව.
• පාඨමාලාව අවසානයේ තමන්ගේම Ad Account එකට ගැලපෙන, සාර්ථකව Scale කළ හැකි පැහැදිලි මාර්ග සිතියමක් (Blueprint) සහිතව certification එක ලබාගැනීම.
• පාඨමාලාව අවසානයේදී පුහුණුකරු අත්සන්කරන ලද වටිනා සහතිකපත්‍රයක් පිරිනැමීම.
• පාඨමාලා සැසිවල Recordings සඳහා Access හිමි වේ.
• පාඨමාලාව හදාරන සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන WhatsApp Group එකට සම්බන්ධ විය හැක.
Previous Certificate Program